14December2017

Athulatha

NewsMaster

NewsMaster

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේෂන් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙනුවකදී රුපියල් මිලියන 30ක් අයුතු ලෙස උපයාගැනීම සම්බන්ධයෙන් එම සමාගම නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීම සඳහා දින නියම කිරීම අද (14) සිදු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඊයේ (13) තීරණය කෙළේය.

මෙම ගණුදෙනුවේදී රුපියල් මිලියන 30ක් අයුතු ලෙස උපයාගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරැදි සිදු කිරීම ඇතුළු අධිචෝදනා 11ක් යටතේ නාමල් රාජපක්ෂ, පවිත්‍රා සුජානි බෝගොල්ලාගම, නිත්‍යා සේනානි සමරනායක, ඉන්දික ප්‍රභාත් කරුණාජීව, ඔරනෙලා ඉරේෂා සිල්වා ගවර්ස් කෝපරේට් සර්වියර්ස් සමාගම යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

මේ සම්බන්ධ අධිචෝදනා ඉකුත් ජුනි මස 06 වැනිදා විත්තිකරුවන්ට භාරදෙන ලදී.

ඊයේ (13) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාර්ශ්වයෙන් කළ ඉල්ලීමකට අනුව එහි පළමු විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාට මෙම දෙසැම්බර් මස 20 දින සිට 30 වැනිදා තෙක් විදේශගතවීමට අවසරදීමට විනිසුරුවරයා තීරණය කෙළේය.

නඩු විභාගයේදී පැමිණිල්ලේ සාක්කි ලෙස ඉදිරිපත් කර ඇති සියලු ලේඛන වල පිටපත් විත්තිකාර පාර්ශ්වයට ලබාදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයාට නියම කරන ලදී. 

දුම්රිය රියැදුරු වර්ජනය සම්බන්ධයෙන් ඇමැති අනුකමිටු හා දුම්රිය වෘත්තීය සමිති අතර ඊයේ (13) පැවැති සාකච්ඡාවේදි තීරණ පහකට එළඹවු බවද ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනය අත්හිටුවීමට ඹවුන් තීරණය කළ බව එම කමිටුවේ සභාපති විශේෂ ව්‍යාපෘති ඇමැති සරත් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ ඇමැතිවරයා ඒ අනුව දුම්රිය, සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සංවෘත සේවාවන් ලෙස නැවත සකස් විය යුතුයි යැයි කමිටුව ඒකමතිකව තීරණය කළ බැවැන් එම නිර්දේශ ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට යොමු කිරීමට එකඟවිය.

ලබන සතියේ මේ කමිටුව අදාළ වෘත්තීය සමිති සමග සාකච්ඡා කර විසඳුම් දෙන තෙක් බඳවා ගැනීම්, විභාග පිළිබඳ තීරණ අත්හිටුවිය යුතුයි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇති යම් යම් පරිපාලන හා වැටුප් ප්‍රශ්න සියලුම නිලධාරින් කැඳවා අදාළ වෘත්තීය නියෝජිතයින් සමඟ සාකච්ඡා කොට විසඳුම් සෙවීමට තීරණය කෙරිණි.

මේ වෘත්තීය ක්‍රියාමර්ග ගත් කිසිදු නිලධාරියකුට විරුද්ධව විනය ක්‍රියාමර්ගයක් ගනු නොලබන අතර වැඩවර්ජනයට පෙර පැවැති තත්ත්වය අනුව ඉදිරි වැඩකටයුතු කළ යුතු බව ඒ මහතා පැවැසීය.ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න ., රංජිත් මද්දුම බණ්ඩාර, අකිල විරාජ් කාරියවසම්,කමිටුවේ අනිත් සාමාජිකයෝ වෙති.

මවක් හා බාල වයස්කාර දැරියගේ පහස සොයා පැමිණි අයකු ඊයේ(12) ලග්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිය දහතුන් හැවිරිදි දියණිය සමග එක්ව ගණිකා වෘත්තියේ නියැලුණු මවක් සහ දියණියක් සොයා එම නිසයි.

ප්‍රදේශවාසීන් විසින්දහතුන් හැවිරිදි දියණියක් මේ ආකාරයෙන් සිය මව 
සමග ගණිකා වෘත්තියේ නියැලෙන බව පොලීසියට දැනුම් දීමෙන් පසුයි, මේ පිළිබඳව ලග්ගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක් සූක්ෂම ලෙස පරීක්ෂණයක් පවත්වා තිබෙන්නේ.
ඒ අනුව දහතුන් හැවිරිදි දියණිය නාවුල ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කොට අනතුරුව එම පුද්ගලයා දඹුල්ල ඉබ්බන්කටුව වැව මාර්ගයේ නිවාඩු නිකේතනයකට රැගෙන ගොස් සිටියදී දහතුන් හැවිරිදි දියණියත් ඔහු සමග පැමිණි පුද්ගලයාත් පොලිස් කණ්ඩායම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිරන්තරයෙන් බාලවයස්කාර පෙම්වතුන් සඳහා කාමර පහසුකම් ලබා දෙන බවට දඹුල්ල ජලාශ පාරේ පිහිටා ඇති මෙම නිවාඩු නිකේතනය පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇති බව සඳහන්.

ඒ අනුව මෙම නිවාඩු නිකේතනයට සහ දියණියගේ මවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම නිවාඩු නිකේතනය දඹුල්ල ත්‍රීරෝද රථ සංගමයේ සභාපතිට අයත් එකක් බවත් ඒ හේතුවෙන් තමන් සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් විමසූ බවත් අප දඹුල්ල ප්‍රදේශීය වාර්තාකරු සඳහන් කළා.

තමන්ගේ රැකියාව වන්නේ කාමර කුලියට ලබාදීම බවත් ඒ සඳහා පැයකට රුපියල් දහසක මුදලක් අය කරන බවත් එහිදී සභාපතිවරයා කියා ඇත්තේ .

එමෙන්ම දහතුන් හැවිරිදි සිසුවියකට තම ආයතනයේ කාමරයක් ලබා දෙන අවස්ථාවේ තමන් නොසිටි බවත් තමන්ගේ සේවකයකු විසින් එය ලබා දී ඇති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

කාමර ලබා දීමට පෙර හැදුනුම්පත බලන ලෙස කෙසේ වෙතත් තම සේවකයාට දුරකතනයෙන් කතා කොට දැනුම්දුන් බවද ඔහු සඳහන් කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිත්වය දරන ඔහු මෙවැනි ආකාරයෙන් පැයට දෙකට කුඩා දරුවන්ට කාමර ලබා දීම පිළිබඳව පැන නැගී ඇති ගැටළුවට දිගින් දිගටම පොලිසිය විසින් චෝදනා එල්ල කිරීම පිළිබඳව ද අප වාර්තාකරු විමසීමක් කර තිබෙනවා.

දිවයිනේ ඕනෑ තරම් මේ ආකාරයෙන් කාමර ලබා දීම සිදු වන බවත් තමන් ඒ අනුව එම රැකියාව සිදුකරන බව එහිදී ඔහු කියා තිබෙන්නේ.

මෙසේ අත්අඩංගුවට ගත් දියණිය මව සහ සැකකරු 12 දින ලග්ගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ලග්ගල පොලිසිය වැඩිදුරටත් සඳහන් කලේ..

Page 1 of 87