14December2017

Athulatha

පාකිස්ථාන ක්‍රිකට් තරු කණ්ඩායම හා ලෝක ක්‍රිකට් තරු කණ්ඩායම අතර ඊයේ (20) පාකිස්තානයේ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ පැවැති පන්දුවාර 20-20 තරඟයෙන් ළකුණු 84 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට පාකිස්ථාන ක්‍රිකට් තරු කණ්ඩායම සමත්විය.

Read more...

හිටපු එංගලන්ත ක්‍රිකට් නායකයෙකු මෙන්ම ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ටෝනි ග්‍රේග් මහතාට පිළිකා රෝගය වැළඳී ඇති බව ජාත්‍යන්තර මාධ්‍යය වාර්තාකොට ඇත. ඔහුට වැළඳී ඇත්තේ පෙණහළු ආශ්‍රිත පිළිකාවක් වන අතර එහි මුල් අවස්ථාවේ පවතින බවයි පැවසෙන්නේ. වසරේ මුල් භාගයේ සිටම ග්‍රෙග් මහතා විවිධ වෛද්‍ය පරීක්ෂණ සඳහා සහභාගීවී තිබූ අතර මුලදී අනාවරණය කරගෙන තිබුණේ ඔහුට වැළඳී ඇත්තේ බ්‍රොන්කයිටීස් රෝගය බවයි. කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වය අනාවරණය කරගැනීමෙන් පසු වෛද්‍යවරුන් විසින් ලබන සතියේදී ග්‍රේග් මහතා සැත්කමකට ලක්කිරීමට නියමිත අතර එහිදී ඔහුගේ රෝගය කෙතරම් දුරකට පැතිරී ඇත්දැයි නිශ්චිතවම දැනගත හැකි බවයි එම වෛද්‍යවරුන් පවසා ඇත්තේ. මේ අතර ග්‍රේග් මහතා මාධ්‍යය අමතමින් පවසා ඇත්තේ…

Read more...

Page 4 of 4