14December2017

Athulatha

You are here: Home News Local යහපාලනය බුදු දහම ඔස්සේ ක්‍රියා කරනවා
06 December 2017

යහපාලනය බුදු දහම ඔස්සේ ක්‍රියා කරනවා

යහපාලන ආණ්ඩුව බුද්ධාගම ආරක්ෂා කරන්නේ වචනයෙන් නොව ක්‍රියාවෙන් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.යහපාලන ආණ්ඩුව තරම් බුද්ධාගම ආරක්ෂා කිරීම ක්‍රියාවෙන් ඔප්පු කළ වෙනත් කණ්ඩායමක් නැතැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ අරලියගහ මැඳුරේදී පැවැති මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක්‍රියාත්මක "සසුනෝදය" වැඩසටහනින් වෙහෙර විහාරස්ථාන 850ක් සඳහා රුපියල් මිලියන 42ක් පමණ වූ මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ උත්සවයේදීය.

"රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීම සහ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම අපගේ වගකීමයි. සියලු ජාතීන්ගේ එකතුවෙන් මේ ආණ්ඩුව පිහිටුවාගෙන තිබෙනවා. එම රාමුව බිඳ දැමීමට කිසිදු විටෙක ඉඩ දෙන්නේ නැහැ" යනුවෙන් වැඩිදුරටත් පැවැසීය.