14December2017

Athulatha

You are here: Home News Local Uncatagorized Ada Dawasa
Thursday, 25 October 2012 21:03

Ada Dawasa

මේෂ

සෑම ක්ෂේත්‍රයකදීම ඉවසිලිවන්තකම හා ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්වීම ඛෙහෙවින්ම ප්‍රයෝජනවත්වේ. දුර බැහැර ගමන් යෙදීමේ ඉඩ පවතී. ආදායම් තත්ත්වය යහපත්ව පැවතීම සහනයකි.

අඩු තරමින් ණය මුදලක් ලැබීම නිසා හෝ අතමිට සරුවේ. අමතර ගමනක් යෙදුනද ඉක්මණින් නිවසට පැමිණීමේ අවශ්‍යතාවය පවතී. ඥාති මිත්‍රාදීන් ඔබේ නිවසේදී හමුවන අවස්ථාවක් පැමිණේ.

පොදුවේ ගත්කල සුබ දවසකි. පසුගිය දිනවල අතපසුවූ වැඩ කටයුතු සාර්ථක කරගත හැක. ඔබ ගන්නා බුද්ධිමත් තීරණ ඛෙහෙවින් වාසි ගෙනදේ. ආදායම හා සෑම ආකාරයකම සබඳතා තහවුරුවීම සහිතය.

අතමිට සරුවන අතර ලොතරැයි ආදී කටයුතුවලින්ද සුළු හෝ ජයක් අපේක්ෂා කල හැක. වෙනදාට වඩා ගමන් බිමන් ඇතිවේ. මුදල් ඉතිරි කරගැනීම අපහසුය. හිතවත්කම් හා සබඳතා ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යාහැකි දවසකි.

ඔබගේ බොහෝ අවශ්‍යතා ප්‍රමාදවීම් හෝ වෙනස්වීම්වලට යටත්ව හෝ අවසානයේ සිතූසේ සඵලවනවා ඇත. ආදායම් තත්ත්වය සරුවන අතර බැංකු ආදී මූල්‍ය ආයතන සමග සබඳතා පැවැත්වීමෙන්ද අපේක්ෂිත ප්‍රතිඵල ලැබේ.

ගමන් බිමන් බිමන් හා රැකියා ආදී හේතූන් නිසා දැඩි කාර්යබහුල ස්වභාවයකින් අද දවස ගෙවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව තම පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට අවශ්‍යවිය හැක.

මුදල් අවශ්‍යතාවයක් සපුරාගැනීම සඳහා ඇති බලාපොරොත්තුවක් අද දවස තුළ සඵලවීම නිසා සතුට ඇතිවේ. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවනවා ඇත. සමස්තයක් ලෙස සුබ දවසකි.

රැකියා ආදී එදිනෙදා කටයුතු නිසා පමණක් නොව ගෙදරදොර පෞද්ගලික අවශ්‍යතා හේතූවෙන්ද කාර්යබහුලබවක් ඇතිවිය හැක. අධික වියදම් ඇතිවන අතර සමහරවිට තැන්පත් කරතිබූ මුදලක් වැයවන අවස්ථාවක්ද යෙදේ.

නිතර නොයන ස්ථානයකට යාම අවශ්‍යවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලට සුබවන අතර ඔබගේ ගුණයහපත්කම හෝ වෙනත් හේතුවක් නිසා කිසියම් පිළිගැනීමකට ලක්වීමේ ඉඩ ඇත. ආදායම් තත්ත්වයද යහපත්වේ.

පාඩු හෝ අවාසි සිදුවිය හැකි ගණුදෙනු හෝ වෙනත් අවස්ථා මගහැරීම ඔබට බොහෝ ප්‍රයෝජනවත්වේ. බොහෝ කටයුතුවල අවිනිශ්චිතභාවයක් පැවතියද ඔබට අවාසියක් නම් සිදුනොවේ.

නිතර හමුනොවන පිරිස් හෝ ආගන්තුක පිරිස් සමග අද දවසේදී සබඳතා පැවැත්වීමට සිදුවේ. ඔබගේ දිරිමත්බව හා උනන්දුවේ අපේක්ෂිත ප්‍රතිඵල ගෙනදීම සහිතය. හිතවත් කෙනෙකු වෙනුවෙන් උපකාරයක් කරයි.

රැකියා කටයුතුවල වෙනසක් සිදුවීම හෝ අළුත් රැකියාවක් පිළිබඳ උනන්දුවීමක් ඇතිවිය හැක. සමස්තයක් වශයෙන් ගත්කල අද ඔබට යහපත් වන අතර සමාජ පිළිගැනීමකට ලක්වීම හෝ රැකියා ස්ථානයේ අමතර වගකීම් ඔබට බාරවිය හැක.