22January2018

Athulatha

You are here: Home News Business ගාල්ල, දෙද්දුව සංචාරක කලාපයේ ඉදිකිරීම් මාර්තුවේ
21 December 2017

ගාල්ල, දෙද්දුව සංචාරක කලාපයේ ඉදිකිරීම් මාර්තුවේ

ගාල්ල, දෙද්දුව සංචාරක කලාපයේ ඉදිකිරීම් කටයුතු ලබන මාර්තු මාසයේ දී ආරම්භ කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පරිසරය සංරක්ෂණය කරමින් එම සියලූ කටයුතු සිදු කරන බවද පරිසරය ආරක්ෂා කිරීම සඳහා නව නීති සම්පාදනය කරන බව ද අගමැතිවරයා අවධාරණය කළේය. දෙද්දුව සංචාරක ව්‍යාපෘතියේ වැඩ කටයුතු ඇරැඹිමේ මූලික නිරීක්ෂණ චාරිකාවට ඊයේ (20) සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ‍මේ බව පැවසීය.

රජය සහ හවුල්කාර සමාගමක් සමග ඒකාබද්ධව එම සංචාරක කලාපයේ වැඩ කටයුතු දියත් කිරීමට සැලසුම් කර තිබෙන බවද අගමැති වික්‍රමසිංහ මහතා එහදි සඳහන් කෙළේය.

යෝජිත දෙද්දුව සංචාරක ව්‍යාපෘතිය ඇරැඹිමේ මූලික නිරීක්ෂණ කටයුතු සඳහා දෙද්දුව, ලුණුගඟ පිහිටි ජෙෆ්රි බාවා මහතාගේ නිවසට ගිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, සංචාරක කළාපයේ කටයුතු පිළිබඳ ප්‍රදේශයේ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවකට ද සහභාගි විය. එහිදී, මෙම සංචාරක කලාපයේ සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ අවසන් වාර්තාව බෙන්තර ප්‍රාදේශීය ලේකම් විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.